Site icon Newshub

මිහින්තලේ හිමියන්ට සැක නිසා පුදබිමේ ආරක්ෂ අංශයේ 252 කු වහාම ඉවත් කිරීමට රජය තීරණය කරයි

මිහින්තලා පුදබිමේ සේවයට යොදවා ඇති ආරක්ෂක අංශ නිලධාරීන් 252 කු වහාම ක්‍රියාත්මක වන පරිදි එම පුදබිමෙන් ඉවත් කරගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(10දා) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

මිහින්තලා පුදබිමේ භාරකාරහිමියන්ට ආරක්ෂක අංශ හේතුවෙන් මරණ තර්ජන ඇති බවට උන්වහන්සේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කිහිපදෙනෙක් ප්‍රකාශ කිරීමත් සමග මෙම තීරණය ගත්බවද අමාත්‍යවරයා කීවේය.

භාරකාරහිමියන්ට ආණ්ඩුව සමඟ ප්‍රශ්න ඇතිනම් ඒවා ආණ්ඩු සමඟ විසඳාගත යුතු බවත් ආරක්ෂක අංශ ඒ සඳහා භාවිතා නොකළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය. එමෙන්ම ආරක්ෂක අංශයන්ගේ ආත්මගරුත්වය ආරක්ෂාකිරීම තමාගේ වගකීම බවද එබැවින් මෙම තීරණය ආපසු හැරවිමට  කටයුතු නොකරන බවද අමාත්‍යවරයා කීවේය.

මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය  වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට මරණ තර්ජන ඇති බවට විපක්ෂ නායකවරයා මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Exit mobile version