Site icon Newshub

සයිටම් ඉක්මණින්ම පටන් ගන්න – එස් බී

මාළමේ සයිටම් වෛද්‍ය විද්‍යාලය හැකි ඉක්මණීන්ම ආරම්භකරන ලෙස තමා යෝජනා කරන බව හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතා අද(05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. අද දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශ වැයශීර්ෂය විවාදයට ගන්නා අතර එහිදී මෙම අදහස් ඉදිරිපත් විය.

“විදේශ මුදල් ඉපැයීමට ඉතාම හොද මාර්ගයක් කරගන්න පුළුවන් අපේ උසස් අධ්‍යාපනය. සප්තවාර්ෂික නිවාඩු අරගෙන ඉන්න ගුරුවරුන්ගෙන් 99% ක්ම ලංකාවේ ඉදලා වෙනත් දේවල් කරලා තියෙනවා. මේනිසා හැකිතරම් රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්තිමක් කරනවා වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල ශක්තිමත් කරන්න. අවස්ථාව හැකිතරම් තිබෙනවා. ඒවගේම ඉන්දියාවේ බොහෝ අය චීනෙ ඉන්න අය එළියට එන්න බලාගෙන ඉන්නවා. මේ අවස්ථාව ගන්න. ඒවගේම සියලු පහසුකම් සහිතව නිර්මාණය කරපු මාළමේ සයිටම් විශ්ව විද්‍යාලය දැන් වහලා තියෙනවා. එය ඉක්මණින්ම ආරම්භකරන්න කියලා මම යෝජනා කරනවා. අධ්‍යාපනය කියන්නේ අපිට සාර්ථක වෙන්න පුළුවන් මාර්ගයක්. ඒවගේම අපේ රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ විදේශ සිසුසිසුවියන්ට පැමිණීමට අවස්ථාව ලබාදීමෙන් අපේ තත්වය ඉහළට ගැනීමට පුළුවන් වෙනවා.” යැයි පැවසීය.

Exit mobile version