Site icon Newshub

අනුර කැබ් එකෙන් බැස බස් එකට නගී – ජනපති වූ විගස ගමන් බිමන් පොදු ප්‍රවාහනයෙන්

විදෙස් රටවල ජනාධිපතිවරුන් අග්‍රාමාත්‍යවරුන් සාමාන්‍ය ජනතාව සමඟ පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගන්නා ආකාරයට මෙරට තුළද සමාජ වෙනසක් ඇති විය යුතු බවටත් තම පාලනයක් යටතේ එවැනි සමාජ පරිවර්තනයක් සිදුකරන බවටත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ආණ්ඩු මාරු වූ පමණින් සමාජ පෙරළි සිදුවන්නේ නෑ. දැන් ජනතාවට අවශ්‍ය ආණ්ඩු මාරුවක් නොව සමාජ පරිවර්තනයක් යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කියා සිටියා..

ජාතික ජන බලවේගයේ වේදිකාවේ සිටින සෑමදෙනෙකුම එයට ගොඩ වී ඇත්තේ මෙම සමාජ පරිවර්තනය බලාපොරොත්තුවෙන් බවත් ඔවුන්ගේ කිසිඳු පෞද්ගලික අරමුණක් වෙනුවෙන් නොවන බවත් මෙහිදී ඒ මහතා කියා සිටියා.

එමෙන්ම මෙහිදී ද සුපුරුදු පරිදි මින් පෙර මෙරට පාලනය කල සියලුම දේශපාලන පක්ෂ සහ නායකයින්ව විවේචනය කළ ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ “මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නෑ. රස්සාවක් නෑ. රස්සාවක් තියෙන කෙනාට හරිහමන් වැටුපක් නෑ. තිබෙන වැටුපෙන් ජීවත් වෙන්න විදිහක් නෑ. ගොවිතැනක් කරගන්න විදිහක් නෑ. කර්මාන්තයක් කරගන්න විදිහක් නෑ. දරුවෙකුටවත් පාරේ බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් නෑ. ඔවුන්ට සමාජ ආරක්ෂාවක් නෑ. මානුෂීය බැඳීම්වලින් මිනිස්සු ඈත් වෙලා තෙතමනයක් නැති සමාජයක් බවට සමාජය පත් කරලා. ඒ නිසා මේක වෙනස් කළ යුතුමයි කියන අධිෂ්ඨානයට අද සමාජයේ බහුතරයක් දෙනා එළැඹිලා අවසන්.” බවයි

Exit mobile version