Site icon Newshub

ජනපති රනිල්ට ඩුබායිහීදි අගමැති මෝදි හමුවෙයි

ඩුබායි හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP-28) සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමුව තිබෙනවා.

මෙහිදී රාජ්‍ය නායකයන් දෙදෙනා ඉතාමත් සුහඳ පිළිසඳරක දී තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා සිය නිල ට්විටර් ගිණුමේ ඉංග්‍රීසි භාෂාවෙන් මෙන්ම සිංහල භාෂාවෙන්ද ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සම්බන්ධයෙන් සහ එහිදී හුවමාරු කරගත් අදහස් සම්බන්ධයෙන් සටහනක් තබා තිබෙනවා.

 

මෙම අවස්ථාවට ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශන්කර් මහතාද සහභාගී වී තිබෙනවා.

Exit mobile version