Site icon Newshub

විපක්ෂ නායක පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරලා – කථානායක

පාර්ලිමේන්තුව තුළ වැඩි කාලයක් ගෙන අනිකුත් මන්ත්‍රීවරුන්ට කතාකිරීමට ඇති කාලය අහිමිකරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරප්‍රසාද අවභාවිතා කර ඇති බව කථානායක මහින්ද යාපා මහතා අද(01දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම විපක්ෂ නායකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු  විරෝධය පළකළහ.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාවේ ඒසඳහා වැඩිකාලයක් වෙන්කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුමදෙනා එකඟවී තිබියදී විපක්ෂ නායකවරයා මෙලෙස කාලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නියෝගයක් ලබාදෙන ලෙස අග්‍රමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ස්ථාවර නියෝග යටතේ එක් ප්‍රශ්නයක් පමණක් ඉදිරිපත් කිරීමට විපක්ෂනායකවරයාට අවස්ථා තිබෙන අතර එම අවස්ථාව අවභාවිතා කරමින් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කිහිපයක් යොමුකිරීම තුළ මෙම තත්වය ඇතිවිය.

ඒ අනුව විපක්ෂනායකවරයා වරප්‍රසාද අවභාවිතාකර ඇති බව කථානායකවරයා විසින් ප්‍රකාශ කළේය.

Exit mobile version