Site icon Newshub

සජිත් නිවාස අමාත්‍යාංශ වැය ශිර්ෂය මඟහරියි

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී  අදාළ අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාද පවත්වන දිනවල එම අමාත්‍යාංශවල අමාත්‍ය ධුරය හෙබවු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවාදයට සම්බන්ධවීම  සම්ප්‍රදායක් ලෙස සිදුවේ.

එමෙන්ම අදාළ අමාත්‍යාංශ වැය ශිර්ෂයන්ට අදාළ විවාදය විපක්ෂයෙන් ආරම්භකරන්නේ අදාළ අමාත්‍ය ධුරය දරන ලද විපක්ෂයේ මන්ත්‍රීවරයා වීමද සාමාන්‍ය සම්ප්‍රදාය අනුව සිදුවන්නෙකි.

එසේඋවද ඊයේ(29 දා) දිනයේදී නිවාස අමාත්‍යාංශයට අදාළ වැය ශිර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අතර හිටපු නිවාස අමාත්‍යවරයෙකු වු සජිත් ප්‍රේමදාස මහතා වැය ශිර්ෂයේ විවාදයට සහභාගීවීමට නොවීම විශේෂත්වයක් විය.

එපමණක්ද නොව එදින පාර්ලිමේන්තු සභාවේ කිසිදු අවස්ථාවකය සහභාගී නොවීමද විශේෂත්වයකි.

සාමාන්‍යයෙන් සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව ආරම්භයේදී සෑම දිනකම ඉතා වැඩි වේලාවක් ගෙන විවිධ කරුණු පිළිබඳ කතාකිරීම සිදුකරයි. මේ නිසාවෙන් විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ට කතාකිරීමට අවස්ථාන නොලැබෙන බවටද චෝදනා පවති. කෙසේවෙතත් ඊයේ දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව මඟහැරීම නිසා පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සැලසුම්කළ කාලයටම පවත්වාගෙන යාමට හැකි වු බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අද(30දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

නිවාස අමාත්‍යවරයාව සිටියදී සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ කටයුතු සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේ අවධානය යොමුවු අතර  ඒම චෝදනාවලට පිළිතුරු ලබාදීමට විපක්ෂනායකවරයා සභාවේ සිටියේ නැත.

 

Exit mobile version