Site icon Newshub

රොෂාන් රණසිංහගේ ඉඩම් කොල්ලය (සියලු සාක්ෂි මෙන්න)

කැබිනට් මණ්ඩල සාමාජිකත්වයෙන් නෙරපු වාරිමාර්ග සහ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි රොෂාන් රණසිංහ මහතා සිය අමාත්‍යධුරය භාවිතා කරමින් සිදුකළ ඉඩම් අවභාවිතාව සම්බන්ධ සියලු තොරතුරු මේවනවිට අනාවරණය වී තිබේ.

ඒ අනුව රොෂාන් රණසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරුන්ට , ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට , රියදුරන්ට සහ ඥාතින්ට ඇතුළු හිතවතුන්ට මෙලෙස ඉඩම් වෙන්කර දී ඇත. සැබැවින්ම ඉඩම් අවශ්‍යතාවය ඇති මහවැලි කලාපවල ජනතාවට ඉඩම් ලබාදීම සිතාමතාම කප්පාදු කර ඇති අතර එම පුද්ගලයින්ට මේවනවිට කිසිදු ප්‍රදේශයක ඉඩමක් නොමැති තත්වයක් උද්ගතවී ඇත.

කෙසේවෙතත් මෙම තත්වය අනාවරණය වීමෙන් පසුව ජනාධිපතිවරයා මැදිහත්වීමෙන් මෙම ඉඩම් බෙදාදීම අත්හිටුවා තිබේ.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස ඉඩම් බෙදීම අත්හිටවු බව රොෂාන් රණසිංහ මහතා අද(28දා) පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.

“ ජනාධිපතිතුමාගේ ලිපියෙන් ඉඩම් බෙදීම නවත්වලා තියෙනවා. මේ රටේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රධාන වගකිම තියෙන්නේ ජනාධිපතිතුමාට නිසා මම එදායින් පසුව ඉඩම් බෙදුවේ නැහැ. ඉන්ධන පිරහුම්හල් ඇති කරන්න 04 ක් , වගාකරන්න විහාරස්ථානයකින් ඉල්ලපු  ඉල්ලීමක් වගේ ඉල්ලීම් කළ අයට ඉඩම් දෙන්න සුදානම් කළා. යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙලෙස රොෂන් රණසිංම මහතා ලබාදීමට සකස්කර තිබු ඉඩම් ලයිස්තුව පහළින් දක්වා තිබේ.

 

Exit mobile version