Site icon Newshub

කෝටි ගාණක වාහනයක් හොරට ගෙනා ආණ්ඩුවේ ඇමති මෙන්න

රටට වාහන ගෙන්වීම තහනම් කර  තිබෙන අවස්ථාවක රොෂාන් රණසිංහ අමාත්‍යවරයා කෝටි ගණනක වාහනයක නීති විරෝධීව රටට ගෙන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා අද(25දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

දඹුල්ල ප්‍රදේශයේ තිබියදී එම වාහනය පොලිස්භාරයට ගෙන ඇති බවටද ජාතික පුවත්පත් අද වාර්තා කර තිබුණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය,

“ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක්ගේ වාහන අංගනයක නීති විරෝධීව ගෙනා වාහනයක් තිබෙනවා කියලා අද පුවත්පතක් වාර්තා කරලා තියෙනවා. මේ වකවානුව තුළ වාහන ආනයනය කිරීම තහනම් කරලා තියෙන්නේ. ඒ නිසාම කුලියට වාහන පාචිච්චි කරන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙ ඉන්නවා. ඩොලර් ප්‍රශ්නය තුළ වාහන ගෙන්වීම තහනම් කරල තියෙනවා. මේවැනි තත්වයක මේ චෝදනාව එල්ල කරලා තියෙන්නේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් වුන රොෂාන් රණසිංහ ඇමතිවරයාට.  එම වාහනය මේවනවිට රජයේ අත්අඩංගුවට පත්වෙලා තිබෙනවා. දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරනවා කියලා පත්තරේ තියෙනවා. මෙහෙම ඒවා දකිනකොට වාහන නැති අපිට දුක හිතෙනවා. මෙවැනි දෙයක් කරපු කැබිනට් ඇමතිවරයෙකුට ගන්නා පියවර‌ මොකක්ද කියලා මම ආණ්ඩුවෙන් අහනවා. ජනාධිපතිවරයාගෙන් අහනවා” යැයි සඳහන් කළේය.

 

Exit mobile version