Site icon Newshub

ජාතියට ලොකු සේවයක් කිරීමට සැරසුනු පුද්ගලයෙක් අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණ පුද්ගලයෙක් ඊයේ (23) දිනයේ කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිවස ඉදිරිපිටට ගොස් ජනාධිපතිවරයා මරා දමන බව පවසමින් කලහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරපාවිට බමුණුගම කිරිවැල ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළක්.

කිසියම් පුද්ගලයකු කලහකාරී ලෙස හැසිරෙන බවටට පොලීසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා රෝහලකින් ප්‍රතිකාර ගන්නා අයෙක් බවට අනාවරණය වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.

Exit mobile version