Site icon Newshub

I AM SORRY – සනත් නිශාන්තගෙන් කථානායකට ලිපියක්

තමාව සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කථානායකවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

පසුගිය දා පාර්ලිමේන්තු සභාගර්භයේ දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කනගාටුව පළ කරන අතර, එය සිදුනොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බව ද අදාළ ලිපියේ දැක්වේ.

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් පවත්වා තමා වෙත පමණක් වරද පටවා දඩුවම් කිරිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තමන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවද මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා.

එමෙන්ම 21 දා ඇතිවූ සිදුවීමට හේතුව වූ විපක්ෂ නායකවරයාගේ හැසිරීම මෙන්ම සජබ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාගේ හැසිරීම මගින්ද පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ නියමන් උල්ලංඝනය වී ඇති හෙයින් ඔවුන් සම්බන්ධයෙන්ද කථානායකවරයාට පැවැරී ඇති බලතල අනුව සුදුසු දඩුවම් නියම කරන ලෙසයි.

Exit mobile version