Site icon Newshub

පොහොට්ටු මන්ත්‍රීවරුන් කළබල වුනේ විඩියෝ කළ නිසා – කථානායකගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තුවේ කටයුතු ජංගම දුරකථන මාර්ගයේ පටිගත කළ නොහැකි බවත් පොහොට්ටු මන්ත්‍රීවරුන් කළබල වුයේ ඒ නිසා බවද කථානායක මහින්ද යාපා මහතා පාර්ලිමේන්තුවට පැවසීය.

විනාඩි දහයකට කල්තැබු පාර්ලිමේන්තුව යලි ආරම්භකරමින් කථානායක වරයා අද(21දා) පාර්ලිමේන්තුවට මේබව කීවේය.

“පාර්ලිමේන්තු සභාව තුළ සිදුවන දේ ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ භාවිතයෙන් පටිගත කිරීම සහ ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහරීම කිසිවිටත් නොකළ යුතුයි. මින්ඉදිරියට එසේ කරන මන්ත්‍රීවරුන් හට දැඩි පියවර ගන්නා බව අවධාරණය කරමි.” යනුවෙන් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආර්ථික ඝාතකයින් පිළිබඳ නඩුතීන්දුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සිටි අතර එයට විරුද්ධව පොහොටුටු මන්ත්‍රීවරු  පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිකළහ. ඒඅතර තුර පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා එය සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණි.

 

Exit mobile version