Site icon Newshub

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව සංවර්ධන ව්‍යාපෘති රැසක්

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුව ලබන වසරේ ජාත්‍යන්තර මුල්‍ය ආධාර සහිත ව්‍යාපෘතීන් 200 වැඩි ප්‍රමාණයක් රටතුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ  ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වනතුරු මේ කිසිවක් සිදුකළ නොහැකි බවද ඒබැවින් මේ වසරේදී  අදාළ කටයුතු සියල්ල සම්පුර්ණ කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසුයේ අද(21දා) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.

Exit mobile version