Site icon Newshub

කාරක සභාවලට පැමිණිය හැකි පුද්ගලයින් ගැන කථානායක ගත් දැඩි තීන්දුව

පාර්ලිමේන්තු කාරක සභා සඳහා සහභාගිවිය හැකි පුද්ගලයින් සම්බන්ධයෙන් කතානායකවරයා දැඩි තීන්දුවක් ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා මහතා අද(20දා) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව සියලුම කාරකසභාවලට පිටස්තර පුද්ගලයින්ට සහභාගීවිය නොහැකි බවත් කාරක සභාවල සාමාජිකයින් සහ වි‌ශේෂ අවසරයක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු නිලධාරීන්ට සහ කැදවනු ලබන අදාළ නිළධාරීන්ට පමණක් කාරක සභා වලට සහභාගීවිය හැකි බවද හෙතෙම පැවසීය.

මීට අමතරව වෙනත් කිසිවෙකු පාර්ලිමේන්තු කාරක සභා සඳහා සහභාගී වන්නේනම් ඒ සඳහා කථානායකවරයාගේ ලිඛිත අවසරය ලබාගත යුතු බවද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Exit mobile version