Site icon Newshub

ලංකාව ලෝකයට ගෙනියන්න Nas Daily ත් උදව්වට

ලොව පුරා මිලියන ගානක ජනාදරයට පත් ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔහු අද(20)  සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය සමග එක්ව ගිවිසුමකට එලැඹුණු අතර  ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා ඒ අනුව ඔහු කටයුතු කිරීමට නියමිතය.

නාස් ඩේලි (Nas Daily)  ඊශ්‍රායල -අරාබි ජාතික ව්ලොග් නිර්මාණකරුවා ලොව පුරා සිටින මිලියන ගණනක රසික ප්‍රජාවගේ ආදරය හිමි චරිතයක් වන අතර  ඔහු විසින් මින් පෙර නිර්මාණය කරන ලද This is Made of Poop,  My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් අන්තර්ගත කර තිබුණි.

2020 වසරේදී නාස් ඩේලී, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන්  (The Most Generous Country During Covid)  ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයක් නිර්මාණය කරනු ලැබු අතර එය ලොවපුරා බොහෝදෙනෙක් නරඹා තිබුණි.

 

Exit mobile version