Site icon Newshub

රට හදන්න කතා කරන සෞඛ්‍ය සේවකයෝ ඇඟිලි සලකුණු තැබීම ප්‍රතික්ෂේප කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයින්ගේ විරෝධය හේතුවෙන් ඇඟිලි සලකුණු තැබීම තවදුරටත් සිදුනොවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවේදී අනාවරණය විය.

සියලුම  රජයේ ආයතන, ඇඟිලි සලකුණු යන්ත්‍ර  ඔස්සේ  කාර්ය  මණ්ඩල පැමිණීම හා  පිටවීම සනාථ කරන ලෙස  2017 වසරේ  රාජ්‍ය පරිපාලන  චක්‍රලේඛය ප්‍රකාරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 31.08ක් වැය කරමින් ස්ථාපිත කර තිබුණු ඇඟිලි සලකුණු යන්ත්‍ර 213 භාවිතයට නොගෙන  නිෂ්ක්‍රීය මට්ටමේ පැවතීම පිළිබඳව අනුකාරක සභාව ප්‍රශ්න කරන ලදී. එහිදී සෞඛ්‍ය සේවකයන් ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම ප්‍රතික්‍ෂේප කරනුයේ කුමන හේතුවක් මතද යන්න සභාපතිවරයා විමසා සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු සේවකයින්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බවත් නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ඇඟිලි සලකුණු යන්ත්‍ර  භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රකාශ  කලහ. පොදු ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා දුෂණ වලින් තොර සේවාවක් බවට පත්කිරීමට ගනු ලබන  ක්‍රියාමාර්ග වෙනුවෙන් සෞඛ්‍ය සේවයද  එක්විය යුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ රෝහල් කළමනාකරණය හා කාර්ය මණ්ඩල කළමනාකරණ පිළිබඳ   පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම අනු කාරක සභාවේදීය.

Exit mobile version