Site icon Newshub

රටක් වෙනස් කිරීම එක රැයකින් කරන්න බැහැ

රටක් වෙනස් කිරීම එක රැයකින් සිදුකළ‌ නොහැකි බවත් එය ක්‍රමාණූකුලව සිදුකළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

එමෙන්ම බදු අයකරගැනීම සම්බන්ධයෙන් රටතුළ නිසි ක්‍රමවේදයක් නොමැති බවද අයවිය යුතු බදු රුපියල් ට්‍රිලියනයක් පමණ තවමත් අය නොවන බවද  ඇය පෙන්වාදුන්නාය.

විවිධ අනීතික ක්‍රම වලින් බදු දැලෙන් රිංගා ඇති පුද්ගලියින් සොයා බදු අයකිරීම සිදුකළ යුතු බවද පැවසු රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද පැවසීය,

රටක් වෙනස් කිරීම එක රැයකින් කරන්න බැහැ. ඒවා කරන්න ඔනේ ක්‍රමාණුකූලව. කාබනික පොහොරවලට එක රැයකින් මාරුවෙන්න ගිහින් සිදුවුන දේ අපි දැක්කා. ඒ නිසා අපි රට ක්‍රමාණූකුලව වෙනස් කළ යුතුයි.  විපක්ෂය විවිධ කතාකියනවා. නමුත් මේ දේවල් ක්‍රමාණුකූලව කරන්න ඔනේ. ජනාධිපතිතුමා කරගෙන යන්නේ ඒ දේ”

 

Exit mobile version