Site icon Newshub

වසර 06 ට පසු චීන ජනපති ඇමරිකාවට

වසර 6 කට පසුව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇමරිකාවට අද (15දා) පැමිණි අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ ද්විපාර්ශික සාකච්චා පැවැත්වීමට සුදානම් බව ධවල මන්දිරය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

අද(15දා) සිට ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වෙන 21 වැනි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට ද සහභාගී වීම සඳහා චීන ජනාධිපතිවරයා මෙලෙස ඇමරිකාවට පැමිණි අතර එම සමුළුව අතර ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වෙනු ඇත.

“සියල්ලන්ටම ඔරොත්තු දිය හැකි තිරසර අනාගතයක් ගොඩ නැගීම”  මෙවර සමුළුවේ තේමාව වී ඇති අතර ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන්ට සහිත රටවල් 21 ක් මෙහි සාමාජිකත්වය දරයි.

චීන සහ ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ සාකච්ඡාවේදී දෙරටෙහි  පවතින නොහොඳ නෝක්කඩු සමථයකට පත් කර ගනිමින්, ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමත් අරමුණු වී ඇති අතර සන්නිවේදනය ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබේ.

රටවල් දෙක විසින්ම ගත් විවිධ දේශපාලන සහ ආර්ථික ක්‍රියාමාර්ග හේතුවෙන් චීනය සහ ඇමරිකාව අතර හොදහිත පලුදුවී තිබුණි.ඩ

Exit mobile version