Site icon Newshub

මහල් නිවාස සංකීර්ණ වැසියෝ රබන් ගසමින් අයවැය සතුට සමරති

මහල් නිවාස සංකීර්ණයන් හි ජීවත්වන පදිංචිකරුවන්ට එම නිවෙස්වල පුර්ණ අයිතිය ලබාදීමට මෙවර අයවැය මගින් යෝජනා කර ඇති අතර එම යෝජනාව සම්බන්ධයෙන් මහල් නිවාස වැසියෝ රබන් ගසමින් ඊයේ(13දා) පස්වරුවේ සිය සතුට සැමරුහ.

සිරිමුතු ගම , ස්ටේඩියම් ගම , බ්ලූමැන්ඩල් නිවාස සංකීරණයන් හි ජනතාව මෙලෙස සතුට සැමරූ අතර ජනාධිපතිවරයා ගත් මෙම තීරණයට ඔවුන් සිය ස්තූතිය පුදකර සිටියහ.

විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකරන ලද නිවාස අඩු ආදායම් ලාභී පවුල්වලට කුළී පදනම මත ලබා දී තිබේ. රුපියල් 3000ක පමණ මාසික කුළියක් එම පවුල්වලින් ලබාගනී .  මෙවර අයවැය හරහා එළෙස ලබා ගන්නා කුළී මුදල් ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර තිබේ.

එසේම අදාළ නිවාසවල පූර්ණ අයිතිය එම නිවාසවලට ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව 2024 වර්ෂයේදී පවුල් 50,000කට ආසන්න සංඛ්‍යාවකට නිවාස අයිතිය හිමිවන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

Exit mobile version