Site icon Newshub

රාජ්‍ය සේවකයන්ට රු. 10,000ක වැටුප් වැඩිවීමක්

රාජ්‍ය සේවකයන්ට මේ වන විට ලබාදෙන ජීවන වියදම් දීමනාව ලබන වසරේ ජනවාරි සිය රුපියල් 10000කින් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම වැඩි කරන මුදල ගෙවීම් ආරම්භ කරන්නේ ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“රජයේ සේවකයන්ට සහනයක් ලබා දීමට යෝජනා කරනවා. රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.3ක් වෙනවා. සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 5කටත් වැඩියි. අපි ජීවන වියදම් දීමනාව ජනවාරි මාසයේ සිට රුපියල් 10000කින් වැඩි කරනවා. එකතු කරන්න වෙන්නේ අප්‍රේල් මස සිටයි. ජනවාරි සිය අප්‍රේල් දක්වා හිඟ මුදල ඔක්තෝබර් සිට කොටස් වශයෙන් වශයෙන් ගෙවනවා. මේ අනුව ජීවන වියදම් දීමනාව රුපියල් 7800 සිට රුපියල් 17800ක් දක්වා වැඩිවීමට නියමිතය‍.

රාජ්‍ය සේවකයින්ට 2015 වසරින් පසු වැටුප් වැඩිවීමක් සිදුව නොමැති බව ත් එබැවින් රාජ්‍ය අයවැය සමබරතාව නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයිනට සහනයක් ලබා දීමට එලෙස යෝජනා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

රජයේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, ඔවුන්ට දැනට ලැබෙන රු. 3,525ක ජීවන වියදම් දීමනාව, රු. 6,025ක් දක්වා රුපියල් 2,500කින් ඉහළ දමන බව ය.

රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් ගණන 730,000ක් බව අද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

2024 වසරේදී රු. බිලියන 380ක් විශ්‍රාම වැටුප් වෙනුවෙන් වෙන් කරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ 2024 අප්‍රේල් මාසයේ සිට සියලු ම සේවා අංශවල විශ්‍රාම වැටුපට වූ දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය 8%ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව ය.

“රාජ්‍ය සේවකයින්ගේ අයකර ගනු ලබන මුදල් වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. 2024 අප්‍රේල් මාසයේ සිට සියලු ම සේවා අංශවල මෙම විශ්‍රාම වැටුපට වූ දායකත්වය සඳහා වැටුපෙන් අඩුකරන ප්‍රතිශතය 8%ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. එම ගැලපීම මගින් වසරකට රු. බිලියන 9ක් එකතු කර ගැනීමට හැකි වෙනවා.”

අයවැය සම්පුර්ණ කතාව පහතින්

 

Exit mobile version