Site icon Newshub

සල්ලිකාරයින්ට බදු ෆයිල් එකක් නැත්නම් බැංකු ගිණුමක්වත් අරින්න බෑ – අයවැයෙන් අලුත් නීති

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට සංශෝධන රැසක් ඉදිරිපත් කරමින් මෙවර අයවැය යෝජනාවලිය අවසානයේ බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ බදු ප්‍රතිපත්ති සංශෝධන යෝජනා ඇතුළත් කර තිබෙනවා.

ඒ අතර අවස්ථා කිහිපයකදී බදු ගෙවන්නා හඳුනාගැනීම අංකයක් ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

එම අවස්ථාවන් 4 පහතින්,

ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීමේදී,

ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක, ඉල්ලුම්කරු විසින්.

මෝටර් රථයක් ලියාපදිංචි කරන බලපත්‍රය අලුත් කරන අවස්ථාවක, හිමිකරු විසින්.

ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටක ගැනුම්කරු විසින්.

මීට අදාළ මාර්ගෝපදේශ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

Exit mobile version