Site icon Newshub

බස්නාහිරට නුදුරේදීම විදුලි බස්රථ සේවයක්

බස්නාහිර පළාත තුළ ලංකා ගමනාගමන මණ්ඩලය සමග ඒකාබද්ධව විද්‍යුත් බස්රථ 200ක් ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරමින් පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා 2024 අයවැය මගින් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ලද අතර ඒවා මෙසේය,

* 2024 තුළදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම. ,

* මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කටයුතු ජනවාරියේ සිට ආරම්භකිරීම .

* මිහින්තලය දුම්රිය ස්ථානය ආශ්‍රිතව විසල් නගරයක් ස්ථාපිත කිරීම. එහි කටයුතු පෞද්ගලික අංශය හා එක්ව සැලසුම් කරන අතර සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කරන බව සඳහන් විය.

* පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුරය සහ යාපනය වැනි මහනගර සහ සංචාරක ගමනාන්ත ආශ්‍රිත දුම්රිය ස්ථාන පදනම් කර ගනිමින් රාජ්‍ය  පෞද්ගලික ව්‍යවසායක සහයෙන් ස්ටේෂන් ප්ලාසා හෙවත් දුම්රිය ස්ථාන නගර බිහිකිරීම.

Exit mobile version