Site icon Newshub

චීනයේ සහ ජපානයේ සහායෙන් මධ්‍යම අධිවේගයේ වැඩ නුදුරේදීම ඇරඹේ

ජපානය සහ චීනය සමග එක්ව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව මීරිගම සිට කඩවත දක්වා වූ එම මාර්ග කොටස චීනයේ සහායෙන් නිමකිරීමට නියමිතය.

කුරුණෑගල සිට ගලගෙදර දක්වා වූ කොටස ජපාන සහයෙන් ද කිරීමට සැලසුම් කර ඇති බවත් රජයේ අරමුණ මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වා දීර්ඝ කිරීම බව ජනාධිපතිවරයා පැවසීය.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ වහාම මාර්ග සංවර්ධන කටයුතු ආරම්භකරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version