Site icon Newshub

කොළඹ තට්ටු නිවාස වල ජනතාවට ජනපතිගෙන් සුපිරි තෑග්ගක්

අඩු ආදායම්ලාභී පවුල්වලට විවිධ නාගරික වැඩසටහන් යටතේ ලබා දුන් නිවාස වෙනුවෙන් කුලී අයකර ගැනීම සම්පූර්ණයෙන් ම නවතා දමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදි කරන ලද නිවාස අඩු ආදායම්ලාභී පවුල්වලට කුලී පදනම මත නිවාස ලබා දී ඇති බව ත් 3,000ක පමණ මාසික කුලියක් එම පවුල් වෙතින් ලබා ගන්නා බවත් එම නිවාසවල පූර්ණ අයිතිය අදාළ පවුල්වලට ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

2024 වර්ෂයේදී පවුල් 50,000කට ආසන්න සංඛ්‍යාවක නිවාසවල අයිතිය ලබා දෙන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඉඩම් හා නිවාස අයිතිය ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කර අවසන් වන විට රටේ ජනතාවගෙන් 70%ක් දෙනා ඉඩම් හා නිවාසවල උරුමකරුවන් බවට පත්වන බව ය.

Exit mobile version