Site icon Newshub

ගාසා වැසියෝ කබලෙන් ලිපට – එක්සත් ජාතීන් ගසා තීරයෙන් ඉවත්වේ

යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගාසා තීරයේ වැසියන්ට මානුෂීය ආධාර ලබාදීමේ මෙහෙයුම් අද සිට නවතා දැමීමට තීරණය කර ඇති බව එකසත් ජාතින්ගේ සංවිධානය සඳහන් කර තිබේ.

ගාසා තීරයට මානුෂිය සහන ලබාදීමට අවශ්‍ය පහසුකම් නොලැබීම හේතුවෙන් මෙම තීරණය එළැඹි බවද ඒ අනුව අකමැත්තෙන් උවද එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිලධාරීන්ට ගාසා තීරණයෙන් ඉවත්වීමට සිදුවන බව නිවේදනය කර තිබේ.

මේවනවිට ගාසා තීරයේ තෙල් සැපයුම සම්පුර්ණයෙන් අඩාල වී ඇති අතර විදුලිය සැපයුමද බිදවැටී ඇත. ගාසා තීරයේ ජනතාවට අවශ්‍ය සහන ලබාදිමට වරෙක ලොරි රථ 20 ක් සහ තවත් වරෙක ලොරි රථ 14 ක් පමණක් ඇතුල්වීමට පමණක් අවස්තාව ලබාදී තිබේ.

ඊශ්‍රයල හමාස් ගැටුම හේතුවෙන් මේවනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂිය මෙහෙයුම් නිලධාරීන් 17 කු මරණයට පත්වි ඇති බවද එක්සත් ජාතින්ගේ සංවිධානය නිවේදනය කළ අතර ඊශ්‍රයල ගාසා තීරයට තවදුරටත් ගුවන් ප්‍රහාර සිදුකරමින් පවති.

ගාසා තීරයේ වැසියන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වීමෙන් සීමීත සහන ප්‍රමාණයක් හෝ ලබාගැනීමට හැකිවු අතර සහන නිලධාරීන් ඉවත්වීමෙන් ගාසා තීරණයේ වැසියන්ට හිමි අවසන් සහනයද අහිමිවනු ඇත.

Exit mobile version