Site icon Newshub

බස් වල සුකුරුත්තං කරන්න ඉඩ දෙන්න – නාමල් රජයෙන් ඉල්ලයි

විවිධ උපාංග සහ ආලෝක රටා මෙන්ම ශබ්ද වාහිනී සවි කරමින් බස් රථ නවීකරණය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටිනවා.

බස් රථ වෙනස් කිරීම තනිකරම කර්මාන්තයක් බවත්, වෙනස් කිරීම්වලට එරෙහිව ක්‍රියා කිරීම එම කර්මාන්තයට මෙන්ම රටට බලපාන බවත් රාජපක්ෂ කියා සිටි බව The Morning පුවත්පත වාර්තා කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන ප්‍රමිතිගත ප්‍රවාහන පද්ධතියක් මෙරට තුලද ස්ථාපිත කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී මෙවැනි ඉල්ලීම් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මෙවැනි ඉල්ලීම් සිදුකරනු ලබන්නේ ඉදිරි මැතිවරණයකදී මනාප බලාපොරොත්තුවෙන් ද යන සැකය මතුවන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතාව කියා සිටිනවා.

එමෙන්ම මෙලෙස විවිධ නම් වලින් නවීකරණය කර ඇති බස් රථ සම්බන්ධයෙන් උමතුවකින් පෙලෙන පිරිස් සම්බන්ධයෙන්ද බහුතර ජනතාවක් එතරම් සුබවාදී ප්‍රතිචාර නොදක්වන අතර ඔවුන් උගත් මට්ටමකින් අඩු ප්‍රමිතිගත ප්‍රවාහන පද්ධතියකට වඩා බාල රසවින්දනයක් පමණක් බලාපොරොත්තු වන පිරිසක් බවට සමාජ කතිකාවක් පවතිනවා.

ප්‍රමිතිගත ප්‍රවාහන පද්ධතියකට වඩා මැතිවරණයක් ආසන්න වෙමින් පවතින වටපිටාවක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉහත සඳහන් කළ පිරිස් වල ඡන්ද ඉලක්ක කර ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීමට මෙවැනි ඉල්ලීමක් සිදුකලා වන්නට ද ඉඩ තිබෙනවා.

Exit mobile version