Site icon Newshub

ඉන්දියාව‍ට ‍බෝට්ටුවෙන් යන්න රුපියල් 26,750ක් පමණයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය ආරම්භවු අතර එහි පළමු මඟී යාත්‍රාව ඉන්දියවේ සිට ඊයේ (14) පෙරවරුවේ මෙරටට ළඟා වීය.

දකුණු ඉන්දියාවේ නාගපට්නම් සහ මෙරට කන්කසන්තුරය වරාය අතර මෙම මඟී යාත්‍රා සේවය සිදු කෙරෙන අතර නාගපට්නම් සිට මඟීන් පනස් දෙනෙකු ගෙන් යුත් යාත්‍රාව   කන්කසන්තුරය වරාය වෙත ළඟා වීය.  ඉන්දීය නැව් සංස්ථාව මඟින් මෙම මඟී යාත්‍රා සේවයේ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර, ආගමන විගමන කටයුතු සඳහා කන්කසන්තුරය වරාය පරිශ්‍රයේ නව මඟී පර්යන්තයක් ද ඉදිකර තිබේ.

උදෑසන ඉන්දියාවේ සිට දිවයිනට පැමිණෙන මෙම මඟී යාත්‍රාව පස්වරු 02.30ට කන්කසන්තුරය වරායෙන් යළි ඉන්දියාව බලා පිටත් ව .

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ, යාමට සහ ඒමට අදාළ ටිකට් පතක මිල රුපියල් 53,500ක් වන අතර, එක් ගමනාන්තයක් සඳහා වන ටිකට් පතක මිල රුපියල් 27,000ක් වන බවයි.

Exit mobile version