Site icon Newshub

ඊශ්‍රයලයට ගහනවා කියලා ඊජිප්තුව කලින්ම කියලා

හේමසිරි පා(ර්)ට් – II

ඊශ්‍රයලයට ගහනවා කියලා ඊජිප්තුව කලින්ම කියලා

පලස්තීනයේ හමාස් සංවිධානය නුදුරේදීම යම් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සුදානමක පසුවන බව ඊජිප්තුවේ බුද්ධි අංශ විසින් මින් පෙර අවස්ථා ගණනාවකදී ඊශ්‍රයලය වෙත අනතුරු අගවා ඇතතත් ඔවුන් එම අනතුරු හැගවීම් නොතකා හැර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.
සාමාන්‍යයෙන් හමාස් සංවිධානය සහ ඊශ්‍රයලය  අතර සම්බන්ධීකාරකවරයෙකු වශයෙන්  ඊජිප්තුව කටයුකු කරන එබැවින් ඊජිප්තුව මේබව දැනුම්දී තිබේ. නමුදු බෙන්ජමින් නෙතනියාහුගේ රජය එම අවධානම වැඩි අවධනයකට ලක් නොකර නොසලකා හැර ඇති බව මේවනවිට කරුණු වාර්තාවී ඇත.
ශ්‍රී ලංකාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද මෙවැනි තත්වයක් ඇතිවු අතර පහදීමක් සිදුවන බව දැනුම්දී තිබුණද එවකට පාලනයේ සිටි ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ එයද වැඩි අවධානයකට නොගෙන තිබීම නිසා දැඩි විනාශයක් සිදුවිය.
Exit mobile version