Site icon Newshub

“පනාපත්‍ර කුහුඹුපැණියා” දිවි රඟමඩලට සමු දෙයි

ප්‍රවීන රංගන ශිලිපී ජැක්සන් ඇන්තනී මහතා මාස 14කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී අභවප්‍රාප්ත වී තිබේ.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කරනවා.

1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසුවුණි.

වැඩසටහන් රූගත කිරීමක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුවුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබු ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

මාස 14ක් පමණ එහි ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද අලුයම මියගොස් ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ඒ මහතා මෙරට සිටි විශිෂ්ට මාධ්‍යවේදීයෙකු ලෙස ද සැලකේ.

ජැක්සන් ඇන්තනී මහතා දෙස් විදෙස් සම්මාන ගණනකට හිමිකම් කියන අග්‍රගන්‍ය කලාකරුවකි.

“පනාපත්‍ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි පාඩුවකි.

Exit mobile version