Site icon Newshub

තොටවත්ත අත්අඩංගුවට ගත්තේ SJB පැමිණිල්ලකට ද?

ජෝතීර්වේදී ඉන්දික තොටවත්ත අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජනබලවේගයේ සමාජික මුජිබර් රහුමාන් සහ අසාද් සාලි ඇතුළු තවත් දොළොස් දෙනෙකුගේ පැමිණිලි මත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගේ මහතා පැවසීය.

තොටවත්ත මහතා සිය යූටියුබ් නාළිකාවේ ප්‍රචාරය කළ වැඩසටහනකින් නබි නායක තුමාටසහ ඉස්ලාමීය ආගමට අපහාස වන බව පවසමින් මෙලෙස පැමිණිලි ගොණු කර තිබේ.

ජයමියතුල් උලමා සංවිධානය ද තොටවත්ත මහතාගේ ප්‍රකාශයන්ට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇති අතර අත්අඩංගුවේ පසුවන තොටවත්ත මහතා මාලිගාවත්ත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශ වරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version