Site icon Newshub

ලෝක තෙල් මිල ඉහළ යාමේ අවධානමක් – විදෙස් මාධ්‍ය

ඉදිරි මාස කිහිපය තුළ ලෝක වෙළඳපොලේ බොරතෙල් හා ගෑස් මිල ඉහල යාමේ තත්වයක් පෙන්නුම්කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

ලොව විශාලතම ඛණිජ තෙල් නිෂ්පාදකයින් වන සෞදි අරාබිය සහ රුසියාව තමන්ගේ නිෂ්පාදන කප්පාදුව සහ අපනයන සීමාවන් මේවසර අවසන් වනතුරුම දීර්ඝ කිරීමට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ හරහා සැපයුම සීමිතවිමත් සීත සෘතු එළඹීම හරහා ඛණිජ තෙල් ඉල්ලුම ඉහළ යාමත් හරහා තෙල් මිල තවදුරටත් ඉහළ යාමේ තත්වයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

සෞදි අරාබිය දිනකට තෙල් බැරල් මිලියනයක කප්පාදුවක් තවදුරටත් සිදුකරන බවත් රුසියාව දිනකට තෙල් බැරල් ලක්ෂ 05 ක කප්පාදුව මේ වසර අවසන් වන තුරු ක්‍රියාත්මක කරන බව දැනුම්දී තිබේ. එමෙන්ම් ඔපෙක් රටවල් ද ඉදිරියේදී මේආකාරයෙන්ම තෙල් නිෂ්පාදන කප්පාදුව නිල වශයෙන් මේවනවිට දැනුම්දී ඇති අතර ඛණිජ තෙල් භාවිතාකරන සියලුම රටවල්වලට මෙහි බලපෑමට මුහුණදීමට සිදුවනු ඇති බවද විදෙස් මාධ්‍ය අවධාරණයට ලක්කර තිබේ. ශ්‍රී ලංකාවේද මේ මාසයේ තෙල් සහ ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබුණි.

 

Exit mobile version