Site icon Newshub

අභියෝග හමුවේ රට හැර යනවා ද? උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතුයි. – ජනපති

ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙනයාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළ ගැස්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතළාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අභියෝග හමුවේ රට හැර යනවා ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවය.

ඉදිරි වසර පහ තුළ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන බව සඳහන් කළ ජනාධිපතිවරයා සංවර්ධිත රටවල් පවා ඉදිරියේ දී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බව පෙන්වා දුනි.

ලබන වසර වන විට රට තුළ යහපත් ආර්ථික තත්ත්වයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ද ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version