ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායට දැනුම්දිමක් සිදුකර තිබේ. ඒ අරගලය පැවති සමයේ දිවයින පුරා හදිසි නිති රෙගුලාසි පැනවීම සම්බන්ධයෙන් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහාය. ඒ අනුව අදාළ විරෝධතා අද සිට සති අටක් ඇතුළත ගොනුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගයේ සඳහන් වුණි.