Site icon Newshub

විරෝධතා ගොනුකිරීමට ගෝඨාභයට කල්දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායට දැනුම්දිමක් සිදුකර තිබේ. ඒ අරගලය පැවති සමයේ දිවයින පුරා හදිසි නිති රෙගුලාසි පැනවීම සම්බන්ධයෙන්  එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහාය.  ඒ අනුව අදාළ විරෝධතා අද සිට සති අටක් ඇතුළත ගොනුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගයේ සඳහන් වුණි.

 

Exit mobile version