Site icon Newshub

ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවාද – රටේ නීතියට අනුව කටයුතු කරනවාද? – සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතුයි

ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවාද, නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද කියා සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙක් වන ‘දිවයින ‘ පුවත්පතේ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පිදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති උත්සවයට එක්වෙමිනි.

මෙරට පුවත් පත් කලාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

ඕනෑම රටක පවතින මාධ්‍ය රටේ නීතියට යටත්ව ක්‍රියාත්මක වුණා. නමුත් සමාජ මාධ්‍ය බිහි වීමත් සමඟ තමන්ගේ හිතුමතය අනුව තමන්ට අවශ්‍ය දේ පළ කිරීමට කටයුතු කරමින් සිටිනවා.

මෙම සියලූ සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවා ද නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද කියා සාකච්ඡාවක් ඇති කළ යුතුයි. බොහෝ විට යුරෝපයේ තිබෙනන නීතියට සියලු දෙනා එකඟතාවය පළ කරාවි . දැන් ලෝකයේ තිබෙන පත්තර සහ journal එහි හිමිකරුවන් විසින් විකුණමින් හෝ එය නැවත ආයෝජන කරුවන්ට භාරදීමට සූදානම් වෙමින් තිබෙනවා. මාධ්‍ය කලාවේ ඉදිරි ක්‍රියාදාමය එළැඹෙන වසර දෙක තුන තුළ අපට දැකගන්නට පුළුවන්. එහි ප්‍රවීණයන් නිව්යෝර්ක්වලින් පමණක් නොව ශ්‍රී ලංකාවෙන් ද බිහිවිය හැකියි. යනුවෙන් පැවසීය.

 

Exit mobile version