Site icon Newshub

EPF සහ ETF පාලනයට ස්වාධීන මණ්ඩලයක්

සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාර අරමුදල(ETF) පාලනය කිරිම සඳහා   ස්වාධීන මණ්ඩලයක් යටතට පත්කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා අද (04දා) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

මේවනවිට සේවක අර්ථ සාධක අරමුදල  මහ බැංකුව යටතේ පාලනය වේ. මෙම අරමුදල් ස්වාධීනව පවත්වාගෙන යන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද රජයට නිර්දේශ ඉදිරිපත්කර තිබුණි. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

මෙරට ජනතාවගේ විශාලම අරමුදල් වන සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාර අරමුදල(FTF) ස්වාධීනව පාලනය වීම සහ විදෙස් රටවල ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදීම  වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version