Site icon Newshub

සජිත්ගේ අම්මා රජයෙන් මදුරු කොයිල් ඉල්ලයි

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය ජනාධිපතිකාර්යාලයෙන් මදුරුකොයිල් ඉල්ලා ලිපියක් යවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (03දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වීමට මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්බන්ධවීම පිළිබඳව විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී මතුකළ අතර එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේබව කීවේය.

“ විපක්ෂනායකතුමාගේ අම්මා හේමා ප්‍රේමදාස මහත්මිය ජනාධිපතිකාර්යාලයට ලියුමකින් දැනුම්දීලා ඉල්ලලා තියෙන දේවල් ගැන මම කියන්නම්.  මදුරුකොයිල් , නිල් පැන් 02 , ගම් බෝතල් , …”. ඇමරිකාවේ කතා හොයනවට වඩා තමන් වදාපු අම්මට මදුරු කොයිල් යවන්න කියන්න.  මදුරු කොයිල් ආණ්ඩුවෙන් ගන්න විපක්ෂ නායක ඇමරිකා ගියපු හැටි කතාකරන්න එනවා.ඉස්සරලා අම්මගේ මදුරුකොයිල් එක දීලා ඊට පස්සේ ඇමරිකා ගමන ගැන කතාකරන්න කියලා කියන්න” යැයි එම ලිපිය කියවමින් මහින්දානන්ද මහතා පැවසීය.

Exit mobile version