Site icon Newshub

ලංකාවේ ආදායම් රැස් කරන දෙපාර්මේන්තු වල දුෂණය මුල් බැහැලා – IMF

ශ්‍රී ලංකාවේ ආදායම් රැස් කරන දෙපාර්මේන්තු  තුල කිසිදු ආකාරයේ දුෂණයට එරෙහි සංස්කෘතියක් නොපවතින අතර ඉහළ පරිපාලනය ඇතුළු සෑම තරාතිරමකම දූෂණය මුල් බැස ගෙන ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සඳහන් කර තිබේ.

දේශීය අදායම් දෙපාර්මේන්තුව හා ශ්‍රී ලංකා රේගුව  ශ්‍රී ලංකාවේ ආදායම් රැස් කරන දෙපාර්මේන්තු ලෙස කටයුතු කරන අතර මෙම ආයතන තුල උසස්වීම් සම්පුර්ණයෙන්ම ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් වන අතර කුසලතාව, හෝ නායකත්ව හැකියාව, හෝ පුද්ගලයා කිසියම් ආකාරයකින් දුෂිතද යන්න සලකා නොබැලෙන බවද මුල්‍ය අරමුදල දැනුම්දී ති‌බේ.  රේගු සහ දේශීය අදායම් දෙපාර්මේන්තු නිලධාරීන් ඔවුන්ගේ එම දෙපාර්මේන්තු තුල කිසිදු අවධානමකින් තොරව සිදුවන දූෂණයේ ඉහවහා ගිය තත්වය පිළිගන්නා බවද මුල්‍ය අරමුදල සඳහන් කර ඇති අතර මුල්‍ය අරමුදල මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සතියේ  ලංකාවට පැමිණ ශ්‍රිලංකාව සම්බන්ධයෙන් කළ නීරීක්ෂණයේන් පසුවය.

Exit mobile version