Site icon Newshub

කොරියාවේ සමූපකාරයක සහාය ශ්‍රී ලංකාවට – හදුන්නෙත්තිගෙ කොරියානු සංචාරයෙන් රටට වාසි රැසක්

ජාතික ජනබලවේගයේ සාමාජික සුනිල් හදුන්නෙත්ති මහතා  කොරියාවේ සිදුකළ සංචාරයකදී එරට සමූපාකරයක් සඳහා ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු ඇතුළු අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් ලබාගැනීමට එකඟතාවය හිමිවී ඇති බව සඳහන් කර තිබේ.

ඒ අනුව ජාතික ජනබලවේගය  ජයග්‍රහණය ලබා ඇති සමූපකාර සමග අන්නෝන්‍ය අවබෝධයක් සහිතව කොරියාවේ අදාළ සමුපකාරය සමඟ ඉදිරියේ කටයුතු කිරීමට හදුන්නෙත්ති මහතා යෝජනා කර ඇති අතර ඒ සදහා ඔවුන්ට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් දක්වමින් හදුන්නෙත්ති මහතා මෙසේ ෆේස්බුක් සටහනක් යොදා තිබුණි,

කොරියාවේ සමුපකාර !
නොන්ග්යොප් (nonghyop) සත්ව ආහාර නිෂ්පාදන සමූපකාරය !
නොන්ග්යොප් සමූපකාර ජාලය කොරියාවේ උල්සාන් පලාතේ විවිධ නිෂ්පාදන කර්මාන්ත මෙන්ම විශාලතම බැංකු පද්ධතිය හිමිකරුවන්ය !
අද එහි ප්‍රධානම බැංකුවේ සභාපති සිම් ජේ කන් මහතා ඇතුළු නිලධාරීන් හමුවූ අතර සත්ව නිෂ්පාදන සමූපකාරයේ මූලස්ථානයේදී එහි ප්‍රධානී ඇතුළු පිරිසක් හමුවිය !
එම සමූපකාරය කොරියාවේ සත්ව ආහාර අවශ්‍යතාවයෙන් 20% නිපදවන අතර හොංකොං සිංගප්පූරුව ඇතුළු රටවලට ද අපනයනයන් සිදුකරනු ලබයි,
ඔවුන්ගේ ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු ඇතුළු අමුද්‍රව්‍ය ලබාගැනීමට ඇති දුෂ්කරතා ඔවුන් පැහැදිලි කල අතර ඒ සඳහා සැපයීම සිදුකිරීමට අපට අවස්ථාව ඇති බවත් දැන්වීය!
රජයේ පහසුකම් කිසිවක් බලාපොරොත්තු නොවන අතර පුද්ගලික අංශයේ තරගකාරිත්වයට ඔවුන් සාර්ථකව මුහුණ දෙන බව පැවසීම විශේෂයකි !
සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභ ලබාදෙන මෙම සමූපකාරය සතුව ශාඛා 1103 ක ජාලයක් උල්සාන් පලාතේ ඇත,
ලංකාවේ අප ජයග්‍රහණය ලබා ඇති සමූපකාර සමග අන්නෝන්‍ය අවබෝධයක් සහිතව ඉදිරියේ කටයුතු කිරීමට අප යෝජනා කල අතර ඒ සදහා ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන ලදි !
Exit mobile version