Site icon Newshub

ඉන්දියාවේ දුම්රිය පද්ධතිය නවීකරණයට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රාන්ත 11 කට ප්‍රතිලාභ ලබා දෙන නව වන්දේ භාරත් සීඝ්‍රගාමී දුම්රිය 9ක් ධාවනයට එක්කර තිබේ.  ඒ අනුව කේරළ, බටහිර බෙංගාල, තමිල්නාඩු, රාජස්ථාන්, ඔඩිෂා, තෙලන්ගානා, ආන්ද්‍ර ප්‍රදේශ්, කර්නාටක, බිහාර්, ජාර්කන්ඩ් සහ ගුජරාට් යන ප්‍රාන්ත එකොළහක් හරහා සම්බන්ධතා ඉහළ නැංවීමේ අරමුණින් නව වන්දේ භාරත් සීඝ්‍රගාමී දුම්රිය 9 ක්  ආරම්භ කර තිබේ.

මෙම දුම්රිය ධාවනයට එක්කිරීම සඳහා සංඥා ලබාදෙමින්  අගමැති මෝදි පැවසුවේ  නව දුම්රිය රටේ සෑම ප්‍රදේශයක්ම සම්බන්ධ කිරීමට බලාපොරෙත්තු වන බවය.

මේ අතර නව වන්දේ භාරත් සීඝ්‍රගාමී දුම්රිය 2025 වන විය ඇමරිකාව යුරෝපය ආසියාව ඇතුළු ලෝකයේ සියලු ප්‍රදේශවෙත අපනයනය කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වේ. ඒ වෙනුවෙන් ඉදිරි වසර කිහිපය තුළ දුම්රිය75 ක් කිලෝමීටර් ලක්ෂ 10 ක පමණ දුර ධාවනය කිරීමට බලපොරොත්තු වන බවද ඉන්දීය දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කර තිබේ. ගෝලිය ප්‍රමීතීන් සපුරාලමින් ඉදිරි වසර තුන තුළ නව වන්දේ භාරත් සීඝ්‍රගාමී දුම්රිය 475 ක් නිෂ්පාදනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ

Exit mobile version