Site icon Newshub

“ලව්” කරන්න අවසර ඔනේ නැහැ  – පොලිස් මාධ්‍ය ප්‍රකාශ කියයි

ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම එවැනි අවසරපතක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා වල පළවන පොස්ට්  අසත්‍ය තොරතුරක් බව ත්, මෙවැනි අයැදුම්පතක් ඇති බව ට හෝ ඒ සඳහා පොලීසියෙන් අවසර ගත යුතු බවට පළ වන තොරතුරුද අසත්‍ය බව හෙතෙම පවසා තිබේ.

කෙසේවෙතත් පසුගියදා හෝමාගම පෝලීසියේ හැසිරීම අනුව එම පොලිසියේ පොලිස් නිලධාරීන්ගේ අදහස් අනුව එවැනි අවසර පත්‍රයක් අවශ්‍ය බවට හැගීගිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වීම වරදක් ලෙස පෙන්වීමට ඔවුහු උත්සහ කළහ.

මෙම සිදුවීමෙන් පසුව  ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන යාම සඳහා   සඳහා ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් අවසර ගත යුතු බව ට දක්වමින් එම ඉල්ලුම් පත්‍රයේ ඡායාරූපයක් ද, ඇතුළත් කරමින් ෆේස්බුක් ඔස්සේ සටහනක් සංසරණය විය. මේ සම්බන්ධයෙන් විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේබව ප්‍රකාශ කර තිබේ.

 

 

 

Exit mobile version