Site icon Newshub

සරත් වීරසේකරට වීසා ලබාදීම ඇමරිකාව පමා කරයි?

ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවේ වත්මන් සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මන්ත්‍රීවරයාට වීසා නිකුත් කළ නොහැකි බවට එක්සත් ජනපදය විසින් කරන ලද යෝජනාවක් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් පවතිනවා.

ඔක්තෝම්බර් මාසයේ අගභාගයේදී වොෂින්ටනයට බලා පිටත්වීමට නියමිත පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමකට වීරසේකර මන්ත්‍රීවරයාද එක්වීමට නියමිතයි

වත්මන් පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා 20කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) USAID අරමුදල් මඟින් සියලුම පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු සභාපතිවරුන් සඳහා දින 10ක සංචාරයක් සංවිධානය කර ඇත.

මේ සම්බන්ධයෙන් අද (25) දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසේකර කියා සිටියා.

විසා ලබානොදීම සම්බන්ධයෙන් කථානායකවරයා මෙරට එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් මහත්මියගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අඩුපාඩු කුමක් වුවද පසුගිය වසරේ ඔහු නෙරපා හරින ලද අරගලයේදී එක්සත් ජනපදයේ භූමිකාව විවේචනය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසේකර පිළිගෙන ඇති බවත් එය ,එලෙස විසා ලබානොදීමට හේතුව වන්නට ඇති බවත් The Isalnd පුවත්පත වාර්තා කරනවා.

Exit mobile version