Site icon Newshub

A/L කල් යයි – තියෙන දවස ලබන සතියේ කියන බව ඇමති කියයි

අ.පො.ස උසස් පෙළ විභාගය නියමිත දිනට නොපවත්වන ලෙස ලැබුණු ඉල්ලීම් රාශියක් සැලකිල්ලට ගනිමින් මෙවර උසස් පෙළ විභාගය කල්දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(21දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.  කෙසේ වෙතත් විභාග කල්යාම නිසා උසස් පාඨමාලා සඳහා අයදුම්කිරීමට සිසුන්ට නොහැකිවී තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒමෙන්ම මේ නිසා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි ජුලි දක්වා කල්දැමීමට සිදුවන බවත් 2024 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය 2025 ජනවාරි දක්වා කල් යනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

මේ නිසාම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පසුබෑම නිවැරදි කිරීම තවදුරටත් කල්යනු ඇති බවත් පළමු ශ්‍රේණිය ළමුන් ඇතුළත් කරගැනීම ප්‍රමාද වන බවද එමෙන්ම විශ්ව විද්‍යාල ප්‍රවේශය , විදේශ විශ්ව විද්‍යාලවලට ඇතුළත්වීම , ශිෂ්‍යත්ව සඳහා අයදුම්කිරීමටද නොහැකි වනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

කෙසේවෙතත් ලැබුණු ඉල්ලීම් සලකාබලා මෙවර විභාගය කල්දැමීමට තීරණය කළ බවත් විභාගය පවත්වන දින විභාග කොමසාරිස්වරයා විසින් ඉදිරි සතියේදී ප්‍රකාශයට පත්කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම විභාගය සඳහා යළිත් අයදුම්කිරීමට අවස්ථාවක් ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.

Exit mobile version