Site icon Newshub

උසස් පෙළ කල්යයි – අලුතින් අයැඳුම් කිරීමටත් අවස්ථාව?

මේ වසරේ උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් සුබවාදී පිළිතුරක් හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙවර උසස් පෙළ විභාගයේදි ළමුන්ට අසාධාරණයක් වි ඇති බවට දිගින් දිගයස ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටි අතර ඒ සම්බන්දයෙන් විභාග දෙපාර්තමේන්තුව සමගද සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් එය හෙට දිනයේදී ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා කීවේය.

මේ අනුව මෙවර විභාගයට ඉදිරිපත්වීමට අපේක්ෂාකරන අයදුම්පත් යොමුනොකළ සිසුන්ටද මේ සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර එම කාරණයද අවධානයට ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා ළමුන් ලක්ෂයක් පමණ ඉදිරිපත්වීමට අපේක්ෂාවෙන් සිටින බවද මෙහිදී ප්‍රකාශ විය.

Exit mobile version