Site icon Newshub

දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ විකුණු හිමිනම අත්අඩංගුවට

බාල වයස්කරුවන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජලාය ඔස්සේ විකිණීමේ ජාවාරමක නිරත වු දහනව හැවිරිදි හිමිනමක් විඩියෝ තුන්දහසක් සමගින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට ගෙන ඇති බව අරුණ පුවත්පත අද(20දා) වාර්තා කර තිබේ.

රාගම විහාරස්ථානයක රැදී සිටිමින් මෙම හිමිනම මෙම ජාවාරම කරගෙන ගොස් ඇත. දෙස් විදෙස් තරුණ තරුණියන්ගේ අසභ්‍ය දර්ශන එම හිමිනමගේ පරිගණකය තුළ තිබී සොයාගෙන ඇති අතර ටෙලිගෑම් යෙදුම ඔස්සේ මේවා විකුණා ඇති බව අනාවරණය කරගෙන ඇත. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශටේ විමර්ශන නිලධාරීන් විසින් මෙම ජවාරාම හෙළිකරගෙන ඇති අතර සැකකාර හිමිනම ලබන මස 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Exit mobile version