Site icon Newshub

වර්ජනයේ නියුතු දුම්රිය රියදුරන්ට අවසන් නිවේදනය නිකුත් කෙරේ

වර්ජනයේ නිරත දුම්රිය ලොකොමෝටිව් ඉන්ජිනේරුවන් 84 දෙනාට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත්කොට තිබෙනවා.

වහාම සේවයට වාර්තා කරන ලෙස එම නිවේදනය මඟින් දන්වා තිබෙනවා.

එසේ නොකරන්නේ නම් ඔවුන් නියමිත තනතුරුවලින් ඉවත් වී සේවය අතහැර ගියා සේ සලකන බව වැඩි දුරටත් දන්වා තිබෙනවා.

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කරමින් ඊයේ(12) දින අතිවිශේෂ ගැසට් එකක්ද නිකුත් කර තිබුණා.

Exit mobile version