Site icon Newshub

ජනපති කියුබා හා ඇමෙරිකා සංචාරය අරඹයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ අමෙරිකාවේ සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී කියුබාවේ හවානා නුවර පැවැත්වෙන G 77 රාජ්‍ය නායක සමුළුවට‍ සහභාගී වීමට නියමිතයි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද සැලසුම් කර තිබෙනවා.

Exit mobile version