Site icon Newshub

තරුණයෙකුට දිවි අහිමි කළ දුම්රිය වැඩවර්ජනය

දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ගමන් කිරීමට දුම්රිය නොමැති විම හේතුවෙන් දුම්රියක වහලය මත නැගී ගමන්කළ තරුණයෙක් එයින් ඇදවැටී අනතුරකින් අද (12) පෙරවරුවේ මරණයට පත්ව තිබේ.

මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ උදෑසන දුම්රියේ හොරපේ දුම්රිය ස්ථානය අසලදී මෙම අනතුර සිදුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඩබ්. ඩී .ඩී අයි පෙරේරා නැමැති 18 හැවිරිදි සිසුවෙක් බව අනාරණය වී තිබේ.

ඔහු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ අයෙක් බවත්, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධව පාඨමාලාවක් හදාරණ අයෙක් බවත් තොරතුරු අනාරණය වී ඇතැයි පොලීසිය පවසා ඇත.

එම තරුණයා දුම්රිය වහලය මත සිටිය දී ගසක හෝ වයරයක වැටෙන්නට ඇතැයි අනුමාන කරන බවත් මරණය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

දුම්රිය සේවකයින් ආරම්භකළ වැඩ වර්ජන හේතුවෙන් දුම්රිය ධාවනය සීමා වීමා වී ඇති අතර ජනතාව අපහසුතාවයට ලක්ව ඇති ආකාරය  දක්නට ලැබිණි.

 

Exit mobile version