Site icon Newshub

චන්න දන්නේ නෑ – දොට්ට දැමූ ඩොක්ටර්ගේ මාධ්‍ය ලේකම් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ඇමති ධුරය දැරූ කාලයේ තමන්ට හිමි වූ නිල නිවසේ බලෙන් රැඳී සිටි බවත් ඔහු ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලැබුණු බවත් දක්වන පුවත පිළිබඳව පැහැදිලි කරමින් ජයසුමන මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම් කියා සිටියේ ඔහු නිල නිවසේ රැඳී සිටියේ මානව හිමිකම් කොමිසමෙන් ලබාදුන් තීන්දුවකට අනුව බවයි.

2022 මැයි මස 9 වෙනි දින නිවාස ගිනි තැබීම් වලින් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වන්දි ලබා දීමේදී සිදුවන අසාධාරණය පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසුව මානව හිමිකම් කොම්සම ලබාදුන් තීන්දුවකට අනුව තවදුරටත් නිල නිවාසය රැඳී සිටීමට චන්න ජයසුමන මහතාට අවස්ථාව හිමි වූ බවයි ඔහු කියන්නේ. එසේ රැඳී සිටි කාලසීමාවට අදාළව නිවාස කුලී සහ අනිකුත් සියලුම ගෙවීම් මන්ත්‍රීවරයා සිදු කර ඇති බව ඔහු සඳහන් කරනවා.

මේ සම්බන්ධව නීතිමය කෘත්‍යයක් සිදුවන බව මන්ත්‍රීවරයා දැනුවත්ව සිට නැති අතර, මෝසමක් මගින් ගරු අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව ලේකම්වරයා පවසනවා.

මේ ඒ පිළිබඳව ඔක්තෝම්බර් 07 වෙනිදා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත්‌ පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත මානව හිමිකම් කොමසාරිස්වරයා යවනු ලැබූ ලිපිය පහත දැක්වේ.


සබැඳි පුවත්

Exit mobile version