Site icon Newshub

මහනුවර හෝටල් සියල්ල පිරෙයි – සංචාරකයින්ට නවාතැන් දෙන්න නිවැසියන්ටත් අවස්ථාවක්

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආසියා කුසලාන ක්‍රිකට් තරග හා මහනුවර නගරෙේ වාර්ෂිකව ­
පැවැත්වෙන සෙංකඩගල පෙරහර මංගල්‍යය නැරැඹීමට අති විශාල පිරිසක් පැමිණෙන බැවින් මහනුවර ප්‍රදේශයේ සංචාරකයින්ට නවාතැන් ලබාදිය හැකි නිවාස හිමියන් හෝටල් ආකාරයේ ලියාපදිංචියක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධි­කාරිය (SLTDA) ඉල්ලා සිටිනවා.

ආසියා කුසලාන තරඟාවලියේ නවාතැන් සඳහා ඇති ඉහළ ඉල්ලුම සපුරාලීමේ අරමුණින් තම අමතර කාමර, නිවාස හෝ
මහල් නිවාස අත්පිට මුදල් ගෙන කුලියට දීමට කැමති මහනු­වර දේපළ හිමියන් සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධි­කාරිය විසින් තාවකාලික ලියාපදිංචි ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

මෙම නව වැඩපිළිවෙළ යටතේ මහනුවර පදිංචිකරුවන්ගේ නිවාස ඇතුළු දේපළ ලැයිස්තුගත කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධි­කාරිය කටයුතු යොදා ඇත. මහනුවර නිවාස හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ නිවෙස් වල අමතර කාමර ලබා දිය හැකි විධිමත් ක්‍රමවේදයට ඇතුළත් වන ලෙසයි. මේ තුළින් මහනුවර පදිංචිකරුවන්ගේ ආර්ථිකයට අමතර ශක්ති­යක් ලබාගත හැකි වීමද විශේෂත්වයකි.

ඉන්දියා – පාකිස්තාන ගැටුම නැරඹීමට ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් විශාල සංචාරකයන් පිරිසක් පැමිණීම හේතුවෙන් හෝටල් සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශයේ අතර තරගය මේ මස 31දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ඉන්දියා – පාකිස්තාන අතර තරඟය සැප්තැම්බර් 02 දා, ඉන්දියා – නේපාලය අතර තරඟය සැප්තැම්බර් 4 ද මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Exit mobile version