Site icon Newshub

පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇඳන් දෙයි

කැලණිය විශ්ව විද්‍යාලය විසින් කරන ලද ඉල්ලීමක් අනුව පෞද්ගලික විශ්ව විද්‍යාලයක් විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපනය කරන ලද නව ශිෂ්‍ය නේවාසිකාගාරය සඳහා ලක්ෂ 7කට ආසන්න මුදලක් වැය කරමින් ඇඳන් 50ක් පරිත්‍යාග කර තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති මහත්මිය විසින් මෙම පරිත්‍යාගය භාරගෙන ඇති අතර IMBS හරිත සරසවිය විසින් මෙම පරිත්‍යාගය සිදුකර තිබේ.

කැළණි විශ්ව විද්‍යාලය ප්‍රමුඛ කරගත් රාජ්‍ය විශ්ව විද්‍යාලයන් හි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය (අන්තරේ) විසින් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා යැයි කියමින් උද්ගෝෂණය කරන සමයක මෙම පරිත්‍යාග සිදුකර තිබීම විශේෂත්වයි.

Exit mobile version